ෆීනික්ස් ඇත්තන්ගේ ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය ලියන්නට පටන් ගත්‍තේ පරණ මතක අවදි කරන්නට ය.


ඇඩ්ඩා බොහෝ විට ලිව්වේ ඇඩ්වර්ටයිසිං ලෝකය තුල සිදු වූ සොඳුරු මතකයන් ය.

එහිදී ලියැවුණේ ඇඩ්වර්ටයිසිං ලෝකය සුන්දර කළ මිනිසුන් ගැනය.

නැවතත් ඇඩ්වර්ටයිසිං ලෝකය ගැන ලියන්නට නිමිත්තක් එළැඹ තිබේ.

ඒ ප්‍රථම වතාවට ආදී ෆීනික්ස් සගයින් ගේ හමුවක් සංවිධානය වෙමින් තිබීමයි.

ඇඩ්වර්ටයිසිං ලෝකය (16) : අයි ටෝල්ඩ් යූ ලල්ලා
දිනය ලබන 12 වැනි අඟහරුවාදා ය.

ස්ථානය කොළඹ ඩ්ච් බර්ගර් යුනියන් ශාලාව ය.

අන්තිම මොහොත දක්වාම ඇඩ්ඩා හිතන් හිටියේ මේ වැඩේ වෙන එකක් නෑ කියාය.

හේතුව මෙය සංවිධානය කරන්නේ ස්පෙන්සර් මැනුවල්පිල්ලේ නිසාය.

ඇඩ්වර්ටයිසිං ලෝකය (17) : පොඩි අජිත් ගේ හඳ
ස්පෙන්සර් ෆෝම් වෙන්නේ අන්තිම හෝරාවේදී ය.

ස්පෙන්සර් එක්ක ඇඩ්වර්ටයිසිං කළ හැමෝම වාගේ මේ කාරණාව හොදින් දනී.

සාමාන්‍යයෙන් ප්‍රසන්ටේෂන් එකක් තියෙන්නේ 10 වැනිදා නම් ස්පෙන්සර් අපට කියන්නේ වැඩේ තියෙන්නේ 5 වැනිදා කියායි.

ඒ කියන්නෙත් 3 වැනිදා හවස 5 ට විතර ය.

ඒ ඌට ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එකේ එකෙක්වත් ෂුවර් නැති නිසා ය.

8ed74704f807591afe096418c62a298b
මේ පාටිය 12 වැනිදාට තිබෙනවා කියා ස්පෙන්සර් කීවාට අප හිතාගෙන හිටියේ 20 වැනිදා විතර වැඩේ වෙයි කියාය.

ඒ අපට ස්පෙන්සර්ව ෂුවර් නැති නිසාය.

කෙසේ හෝ දශක ගණනාවකට පසු ස්පෙන්සර් කියූ දෙයක් නියමිත දිනට සිදුවීමම පාටියක් දැමිය යුතු කාරණාවකි.

ෆීනික්ස් පැරණි සගයින් අපට සෑහෙන කාලයකින් හමුවී නැත.

වෙන එකක් තබා ෆීනික්ස් එකේ ලොක්කා වූ අර්වින්ව වසර 19 කින් පමණ ඇඩ්ඩාට හමු වී නැත.

ප්‍රථම වතාවට සිදුවන ආදී ෆීනික්ස් සගයින් ගේ හමුව ගැන ” ද ලීඩර් ” පිටුවට මෙන්ම ඇඩ්ඩාට ද සියුම් සතුටක් තිබේ.

ඒ වූකලී මෙවැනි හමුවක් සංවිධානය කරන්නට සිතිවිල්ලක් පහළ වීමේ කොනක අප ද සිටීම ගැනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *