සජිත්ගේ රැලියේදී හකීම්ට හූ සංග්‍රහයක් 

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරණ නගරයේදී පෙරේදා (24) පැවැති ප්‍රචාරක රැස්වීමට සහභාගි වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා රැලිය ඇමතීමේදී පිරිසක් හූ කියා ඝෝෂා කරමින් ඔහුගේ කතාවට බාධා කළහ.

රවුෆ් හකීම් මහතා රැලිය ඇමතීමට නැගී සිටි අවස්ථාවේ සිට ඔහු කතාව කර අවසන් කරන තුරුම මෙම පිරිස ඝෝෂා කරමින් ඔහුට හූ කියන්නට වූහ.කෙසේ නමුත් දිගින් දිගටම සිය කතාව කරගෙන ගිය රවුෆ් හකීම් මහතා සඳහන් කළේ, ඉතා සුළු පිරිසක් කොතරම් ඝෝෂා කළත් අතිමහත් බහුතර අකුරණවාසි ජනතාව වෙනුවෙන් ඉදිරියේදී නියත වශයෙන් ජය ගන්නා ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව කටයුතු කිරීමට තමන් කැප වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *