දාන්න කාටවත් බාධාවක් නැහැ.. ඒත් මේ කියන කොන්දේසි එක්ක නම් පවත්වන සාද ගැන දෙපාරක් සැලකිලිමත් වෙන්න අපේක්ෂකයින් වගබලාගන්න ඕන..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..
අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක ඊයේ පැවැති මෙවර ඉදිරිපත්වන ජනපති අපේක්ෂකයකුගේ විද්වත් යැයි පැවසෙන හමුවකට සහභාගි වූ ආරාධිතයන් සඳහා සූදානම් කොට තිබූ රාත්‍රී භෝජන සංග්‍රහය මැතිවරණ කොමිෂන් සභාවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා විසින් තහනම් කර තිබෙනවා..
එහිදී අනුරාධපුර හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන බවට අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලද පැමිණිලක් අනුව එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පොලිස් නිලධාරීන් සමග අදාල ස්ථානයට ගොස් තිබුණා..
එහිදී එම ආරාධිතයන් සඳහා ලබාදීමට තිබූ පිසූ ආහාර සඳහා මුද්‍රා තබන ලද අතර, ආරාධිතයන් සඳහා ලබාදීමට තිබූ මත්පැන් බෝතල් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා..
මෙම විද්වත් යැයි පැවසෙන හමුවට ආරාධිතයෝ 150ක් පමණ පැමිණ ඇති අතර, මෙම ආහාර පාන වෙනත් ස්ථානයකට හෝ රැගෙන යාමට අවසර දෙන ලෙස සංවිධායකයන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් හා පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද, එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා…